0
නොමියෙන ආදරය
Posted by Unknown
on
4:50 AM
ඔයාට මලක් වෙන්න ඕනිද?
එහෙනම් මට නටුව වෙන්න දෙන්න….
එතකොට මට ඔයත් එක්කම පිපිලා…
ඉන්නට පුලුවන්…..
ඔයත් එක්ක
දවසක පරවී වැටෙන්නත් පුලුවන්…
හිතන්න ඔයාගෙන්
තොරව මටත් මගෙන් තොරව ඔයාටත්…
ජීවිතයක් නෑ….
පැවැත්මක් නෑ….
ආත්මයක් නෑ…
හරියට මලකින්
තොරව නටුවකට ජීවිතයක් නෑ වගේ...
නටුවකින් තොරව
මලකටත් ජීවිතයක් නෑ වගේ….
ඕනි නම්
සමනලයෙක් වෙන්න පුලුවන්….
ඔයත් කියාවි
එහෙම ලස්සනයි කියලා….
ඒත් මලෙන් මලට
රොන් ගෙනයන…
පිපී සැලෙනා
විට ඔයා ලඟටත් එන…
පරවී ගිය දාට
තවත් මලකට යන …
සමනලයෙක්වද ඔයාටත්
ඕන…
ඔයත් එක්කම
ඉපදිලා…
ඔයත් එක්කම
පරවෙන්නයි මගේ පැතුම…
ඒ නිසා මට මලේ
නටුව වෙන්න දෙන්න…
මේ ජීවිතය ඔයා
ඉන්න තුරු තිබ්බහම මට ඇති...
ඔයා පරවී ගිය
දාකට …
පණක් තිබුනත්
මට…
ජීවිතයක් නැහැ
නේද?.....